Thursday, September 19, 2013

මියේනා තුරා....

මගේ ජිවිතය නුබ
කදුලු, හසරැල්
මතින් හෙට දින
පිය නගන එ සොදුරැ ලොව
අපේ පැතුමන් ඇත
ගොනුවෙලා..
අඩක් නිමවුන
කලයේ බොහො දුර
යන්න ඇත අප
සමග එක්ව
මියේනා තුරා....





අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/09

දිලෙන එලිය මම වුව.....

හුස්ම නුබ විය
ජිවිතය මගේ වුව
පන්හිදට පණ දුන්
කවිය විය නුබ
සතුට රජ කර
කදුල සැගවුව
පහන නුබමයි
දිලෙන එලිය මම වුව.....




අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/10

මගේම නමින් ......

අවිහිංසක ඔය
මුව මඩලින්
බලනා කල
නිසල නෙතින් දුටුවා නුබ
මගේම නමින් 
ලියවුන
කුමරා නොවේද 
ඉතින්.....



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/**

බැස නොයමු සදා....................

මට නුබ 
නුබ මට
හිරු, සදු වු දා
එක අහසක 
එක්තැන් වි
රැදෙනෙමු
බැස නොයමු සදා




අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/***

Wednesday, September 18, 2013

නුබට ලියමි.....

දැස් අගින් නුබේ
සිහින දකිමි
මුව මඩලේ 
සිනහා දකිමි
සුසිනිදු ඔය දැගිලිමත
නිබද රැදේමි
මගේ හද මඩලත්
නුබට ලියමි.....

අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/18

Monday, September 9, 2013

නුබ සේවණයි මට............

අයාලේ ගිය සිතිවිලි
එක්තැන් කල
ජිවිතයට
උණුසුම් වැහි පොද
ගෙනවිත් නුබ
කියාදෙන
ගිතයේ තනුව අපුරුය
මහ ව්‍රක්ෂයක
සෙවණ යදින සා පැටියෙකු සේ
නුබ සේවණයි මට..........



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/08

පෙම්වතියයි මා නුබගේ........

සියුමැලි ඔබේ අත
අරගෙන
හෙට දිනයක නුබේ 
මැදුර
පිය මැන යන
සමනලියයි මා නුබගේ
රළු, බොරළුත්
කටු පදුරුත්
පගායන ගමනක
නුබෙ අසලින් රැදේනා
හිතවතියයි මා නුබගේ
පිං කර ඇති ඔය හිත ලග 
සෙනෙහසින් රැදේනා
පෙම්වතියයි මා නුබගේ........


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/07

නුඹ......

සෙංකඩගල 
අහස වසා
පයා ආ සද
වැව් දිය මත
එලිය වෙලා නුඹ
ජිවන දොරක්ඩ 
ඇහැල මල් සුවද්
සෙනෙහස 
අරන් වැඩියා 
නොවේද නුඹ......


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/07

Sunday, September 8, 2013

.....ජිවිතය මෙය බව......

පාළු නිහඩ  හද මඩලට
පයා ආ සද..
දැන් නුඹ මට
ජිවිතය කියා දෙන
එකම හුස්ම පොද...
අයාලේ ගිය සිතුවිලි
එක්තැන් කල
ජිවිතය අලුත් පිටු පෙරලුව
නුබ දැන් මට 
එකම සැනසුම
තනිව ගිය මග
නුබත් සමගින් 
යනෙන කල
දැනුනා මා පෙවු
ජිවිතය මෙය බව..... 


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/08/17