Wednesday, March 1, 2017

~~අතිතයේ එක දවසක~~


අතිතයේ එක දවසක 
ලස්සන පිනි වැටුනු
මල් පාර දිගේ
වසන්තයට අත වනපු
රන් දුන්නෙන්
මල් හීසර විදගෙන
මල් කුමරෙක් 
ආවා මා ගේ දොරකඩ වෙත
මදහස පා
මා දෙනෙතට 
නුඹ 
සෙනෙහස පෑවා
නොසිතු නොපැතු ලෙස
දෑසට දැස් මුණගැසුණු
දිනේ
බැදුනා නුඹ වෙත
සෙනෙහේ සිතින්
පෙර භවයක පුරුදු ලෙසින්
දහක් නෙතු මගහැර
නුඹ වෙත බැදුනු
සෙනෙහේ සිතින්
මීයෙන තුරා ඉදිමු ඉතින්
අපි අපේ නමින්’

2014/06/23 





අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2017/03/01

~~මට නුඹ~~

 නුඹ සොයුරෙක්
මිතුරෙකි,
තනිවුනු මගේ
ජිවිතයට එලිය ගෙනා
මට පියෙකි
හොද සැමියෙකි
ඊට වඩා
වැරදුනු නිවැරදි තැන්
මට පෙන්වා
සෙනෙහෙ සිතින් මගේම වෙලා
එකම මගක
යන්නට අපි අපේ වෙලා.



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2017/03/01

~~එකම සිතින්~``

එකම සිතින් 
නුඹේ නමින් 
බැදුනා නොමියෙන 
සෙනෙහේ සිතින්
ලංවි නුඹ
නමට පෙමින්



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2017/02/01

Tuesday, January 10, 2017

සැහෙන කාලෙකින්..

හැමොටම ලැබුවාවු 2017 නව වසර 

සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් කියලා ප්‍රර්ථනා කරනවා..

සමා වෙන්න Saturday, January 3, 2015 ඇවිල්ලා සුභ පතලා ගියා ගියාමයි අගිය අතක් නැතිව ගියාට..



මේ අවුරුද්දේ සුපිරිම වැඩ ටිකක් තියේනවා කරන්න. පෙබරවාරි මුල ඉදන් මේ පොස්ට් අලුතින් එකතු කරලා.
කැටයම් ටිකක් දාලා. තීන්ත ටිකක් ගාලා. මකුළු දැල් කඩලා. 
අමුතුවෙන් ආයේ අ යන්න ඉදින් වෙනස් විම් වලින් හමුවේමු