Wednesday, March 1, 2017

~~අතිතයේ එක දවසක~~


අතිතයේ එක දවසක 
ලස්සන පිනි වැටුනු
මල් පාර දිගේ
වසන්තයට අත වනපු
රන් දුන්නෙන්
මල් හීසර විදගෙන
මල් කුමරෙක් 
ආවා මා ගේ දොරකඩ වෙත
මදහස පා
මා දෙනෙතට 
නුඹ 
සෙනෙහස පෑවා
නොසිතු නොපැතු ලෙස
දෑසට දැස් මුණගැසුණු
දිනේ
බැදුනා නුඹ වෙත
සෙනෙහේ සිතින්
පෙර භවයක පුරුදු ලෙසින්
දහක් නෙතු මගහැර
නුඹ වෙත බැදුනු
සෙනෙහේ සිතින්
මීයෙන තුරා ඉදිමු ඉතින්
අපි අපේ නමින්’

2014/06/23 





අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2017/03/01

No comments:

Post a Comment